ඉන්දීය බිත්තර සතොසට

243

මාස 04ක කාලයක් සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර හිමී වීමෙන් පසු උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද ඉන්දියාවෙන් දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක්ද අද දිනයේ සතොස ආයතන වෙත නිකුත් කිරීමට නියමිතය.බිත්තරයක් මෙම මස මුලදී රුපියල් 40ත් 50ත් අතර මිලකට පැවතුණද අද වන විට වෙළෙඳපොළ තුළ අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකටය.

advertistmentadvertistment
advertistmentadvertistment