වත්තලට වතුර කපයි

308

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (03දා) උදෑසන 10 සිට අනිද්දා (04දා) උදෑසන 10 දක්වා පැය 24 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි .
එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ
වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලු‍ම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසක් බව එම මණ්ඩලය කියයි .

හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එසේ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment