ඉන්දියාවේ විභාග වංචා කෘත්‍රිම බුද්ධියෙන් වළක්වා ගනී

628

රජයේ තරග විභාගවලදී සිදුවන විභාග වංචා වළක්වා ගැනීම සඳහා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය කෘත්‍රිම බුද්ධිය භාවිත කර ඇත.

මෙමගින් පසුගිය ජුනි 26 සහ 27 යන දිනවල පැවති උත්තර් ප්‍රදේශ් ග්‍රාම සංවර්ධන නිලධාරි තරග විභාගයේ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් 200ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැබෑ විභාග අපේක්‍ෂකයාගේ මුහුණේ සේයාරුව හා විභාගය පැවැත්වෙන දිනයේ පෙනී සිටින පුද්ගලයාගේ රුව කෘත්‍රිම බුද්ධිය යොදා සංසන්දනය කරනු ලබයි. ඒ අනුව වංචාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ විභාගවලදී අපේක්‍ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයන් පෙනී සිට පිළිතුරු ලිවීම බෙහෙවින් සිදුවේ. ඒ සඳහා ව්‍යාජ ලේඛන හා හැඳුනුම්පත් සකස් කිරීම ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වේ. කෘත්‍රිම බුද්ධිය භාවිත කර මේවා වළක්වා ගත හැකි බව ඉන්දීය පොලිසිය කියයි.

මේ නව ක්‍රමය ඉන්දියාවේ බෙහෙවින් කතාබහට ලක්ව ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment