තවත් නැවක් ගිනිගනී

256

අකිත පෙරේරා, කීර්ති වර්ණකුලසූරිය
 

මෙරටට ඈත මුහුදේ යාත‍්‍රා කරමින් තිබෙන ලයිබිරියානු ධජය සහිත නෞකාවක  ගින්නක් හටගෙන ඇත. ඒ සම්බන්ධව මේ වනවිට අදාළ සියලූම පාර්ශ්ව වෙත අනතුර ඇඟවීම්කර අතැයි ශී‍්‍ර ලංකා නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.
 
 එම්. එස්. ඞී. මෙසිනා නම් මෙම නෞකාව මෙරටට වඩා ඉන්දුනීසියාවට ආසන්නයෙන් යාත‍්‍රා කළ එකක් වන බවත් නෞකාවෙහි එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවට වාර්තාවන බවත් හෙතෙම පැවසීය.
 
 නෞකාව සිංගප්පූරුව බලා යාත‍්‍රා කරමින් තිබෙන අතර එය මෙරටට අයත් මහ රාවණා කොටුවට නාවික සැතපුම් 400 ක් ඈතින් නැෙඟනහිර දිසාවට වන්නටවන මුහුදු සීමාවේ පවතින බව ද හෙතෙම කීය.
 
 එහෙත් එය මෙරටට අයත් ගලවා ගැනීමේ කලාපයේ පවතිනු බැවින්, මේ වනවිට ශී‍්‍ර ලංකා හමුදාව විසින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු පාර්ශ්ව වෙත දැනුම් දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
 
 ඊට අමතරව එම නැව ආශි‍්‍රතව ගමන්ගනු ලබන අනෙක් යාත‍්‍රාවලට ද මෙම නැව පිළිබඳ දැනුවත්කොට උදව් ලබාදෙන්නැයි ද දන්වා අතැයි හෙතෙම කීය.
 
 මෙම නැව පිළිබඳව අනතුරු ඇඟවීම් අදාළ සියලූම අංශ වෙත මේ වනවිට සිදුකර ඇත. ගිනි ගත් නැව ආසන්නයට මේ වනවිට වෙනත් නැවක් ළඟා වී ඇතැයි ද සිල්වා මහතා පැවසීය.
 
 එම ළඟා වූ නැව විසින් දන්වන අන්දමට පෙරේදා (24 දා* රාතී‍්‍ර අදාළ ගින්න හටගෙන ඇති බවත් එය ඊයේ (25 දා* පෙරවරුව වනවිට යම් පාලනයකට නතුකර ඇති බවත් ඔහු කීවේය.
 
 මීට සති කිහිපයකට පෙර පර්ල් එක්ස්ප‍්‍රස් නමැති භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව ගිනි ගැනීම සහ එහි සුන්බුන් මුහුදට එක්වීම හේතුවෙන් මෙරට මුහුදු තීරයට මෙන්ම ධීවරයින්ට ද දැඩි අලාභහානියක් සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment