කැරට්-බෝංචි මිල ඉහළ ගිය හේතුව කෘෂිකර්ම අමාත්‍යාංශය රටට කිව යුතුයි – ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත්

82

කැරට් කිලෝවක මිල රුපියල් 2000 දක්වාත්, බෝංචි කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ යෑමට හේතුව කෘෂිකර්ම අමාත්‍යාංශය වහා හෙළි කළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා ඊයේ (16 දා) පැවසීය.

පසුගිය කාලයේ අධික වර්ෂාවෙන් එළවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වුවත් කිසිදා නොවූ ආකාරයෙන් කැරට්, බෝංචි ඉහළ නැංවීම සැකයට තුඩු දෙන බව ද හෙතෙම කීය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය. ෆ්‍රයිඩ් රයිස්වලට, චොප්සිවලට, සුප්වලට කැරට්, බෝංචි යොදා ගන්නවා. මේවායේ මිල ඉහළ යෑම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත් වෙලා. මේවා අසාධාරණයි. ජනතාව අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ තවත් අසරණ කිරීමක් මේක. පසුගිය සති කීපය තුළම කැරට්, බෝංචි මිල අධිකයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment