‘‘ලග්න වාසනවා සුපිරි ධන යෝගය’’ ලොතරැයිපත වෙළෙඳපොළට

713

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා විසින් අලෙවි නියෝජිත මහතකු වෙත ‘‘ලග්න වාසනාව සුපිරි ධන යෝගය’’ ටිකට්පත් ලබාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතාද ඡායාරූපයේ වේ. ඡායාරූපය-සුජාතා ජයරත්න

සුජාතා ජයරත්න

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් නව වසරට එනම්, 2022 නව වසර සඳහා පාරිභෝගික ජනතාව වෙත ලක්‍ෂ ගණනින් මුදල් ත්‍යාග ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද ‘‘ලග්න වාසනාව සුපිරි ධන යෝගය’’ නමින් විශේෂ දිනුම් ඇදීමට අදාළ ලොතරැයිපත් වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම කාර්යාල පරිශ‍්‍රයේදී සිදු කෙරිණි.

මෙම ලොතරැයිපත්වලින් ලක්‍ෂ ගණනින් බලාපොරොත්තු සැබෑකර ගැනීම සඳහා මෙම ‘‘ලග්න වාසනාව සුපිරි ධන යෝගය’’ විශේෂ දිනුම් ඇදිම හරහා රුපියල් ලක්‍ෂයේ මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමට හැකි අතර එම දිනුම් ඇදීම මෙම මස 28 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment