රිළවුන් චීනයට යවන වැඩේ අත්හරින්නේ නෑ

114

රිළවුන් සම්බන්ධව විවිධ ප්‍රදේශවලින් ලැබෙන ගැටලු අනුව රිළවු චීනයට යැවීමේ බලාපොරොත්තුව කිසිවිටක අත්හරින්නේ නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

ඇතැම් සංවිධාන රිළවුන් විදේශ ගත කිරීම නතර කිරීමට විවිධ උපක්‍රම සිදුකරන බව ද ශ්‍රී ලංකාවේ රිළවුන් භාර නොගන්නා ලෙස තානාපතිවරුන්ට පවා නොයෙක් ආකාරයට බලපෑම් කරන බව ද තමාට දැගනැනීමට ලැබෙන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.

රිළවුන් බහුලව ගැවසෙන ප්‍රදේශවල පදිංචිකරුවන් නිතර දෙවේලේ ප්‍රශ්න රැසකට මුහුණපාන බව ද ඇමැතිවරයා කීවේය.

රිළවුන් පිටරට යැවීමට ක්‍රියාකරනු ලබන්නේ උන්ගේ ජීවිතවලට හානියක් නොවන ආකාරයට කටයුතු කරන බවට කොන්දේසි මත යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment