සජිත්ලා-අනුරලා-විමල්ලා-ඩලස්ලා අද විරුද්ධව ඡන්දය දෙති

430

ටී.එන්.ඒ. ස්ථාවරය අද

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආණ්ඩුව අද (01 දා) පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් 4 ක් තීරණය කර ඇත.

ඒ අනුව මෙම යෝජනාව පිළිබඳ විවාදයෙන් අනතුරුව පැවැත්වෙන ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, විමල් වීරවංශ හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් විරුද්ධව ඡන්දය දීමට නියමිතය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව එම පක්‍ෂයේ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

මේ අතර මෙම යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය අද ප්‍රකාශ කිරීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment