ශ්‍රී ලංකාව එක දිගට තරග පහක් පරදියි

346

2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට අඛණ්ඩව පස්වැනි පරාජයත් පෙරේදා (01 වැනිදා ) උරුම වූයේය.

තරගාවලියේ “ඊ” කාණ්ඩයේ තරගයක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 31-76 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

මීට පෙර සිංගප්පූරුව හමුවේ ද “ඊ” කාණ්ඩය යටතේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ මුල් ස්ථාන දෙක අතරට පිවිසීමට ඇති අවස්ථාව ද ඒ අනුව අහිමිව ගියේය.

ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, වේල්සය යන කණ්ඩායම් හමුවේ මූලික වටයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment