අවුරුදු 19න් පහළ කණ්ඩායම ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට ඉන්දුනීසියාවට

71

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලියට මිශ්‍ර සහ ඒකල තරග ඇතුළත් වේ.

එසේ පිටත්ව ගිය කණ්ඩායමට මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එච්.ජී. ඉරුෂි අමන්දි ඇතුළු එම විද්‍යාලය නියෝජනය කරමින් ශිෂ්‍යාවෝ හතර දෙනෙක් සහභාගි වෙති.

කණ්ඩායම භාර පුහුණුකරු ලෙස විමල් කොතලාවල මහතා කටයුතු කරන අතර ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සුමිත්‍රා දිසානායක මහත්මිය කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment