ඉෂාලිනී දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

314


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි ඉෂාලිනී දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් එම කණ්ඩායම පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන මහත්වරු ඇතුළත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment