ග්‍රහ ලොව බුද්ධිමතා රවි හිමි සිංහයට . ලග්න හතකට සුබයි

15214

නව ග්‍රහයින් අතරින් ග්‍රහ ලොව කුඩාම ග්‍රහ තාරකාව වන බුධ ග්‍රහයා, නැතහොත් ග්‍රහ ලොව බුද්ධිමතා ලෙස හඳුන්වන සඳු පුත් බුධ ග්‍රහයා ක්‍රි. ව. 2023 ජූලි 25 වන අඟහරුවාදා දින උදේ 04.32 ට ධෘම යෝගයෙන් කේතු හිමි මා නැකතින් සඳු හිමි කටක රාශියේ සිට රවි හිමි සිංහ රාශියට පිවිසෙනු ඇත.

බුධ යනු නව ග්‍රහයින් අතරින් ගුරුට පසුව සිටින බුද්ධිමත්ම ග්‍රහයාය. ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයින් අතරින් ලාබාල මෙන්ම කුඩාම ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා නපුංසක ග්‍රහයෙකි. සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2705 ක පමණ විශ්කම්භයක් ඇති ග්‍රහයෙකි. අප වාසය කරන පෘථීවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමගම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත. ග්‍රහ ලොව ඥාන කාරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොත පතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළඳාමට හා මුද්‍රණ කර්මාන්තයටද බලපෑමක් දක්වන ග්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකිය.

මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර හා කුම්භ යන ලග්න වලට සුබ ග්‍රහයෙකු වන බුධ මේෂ, කටක, සිංහ, වෘශ්චික හා ධනු යන ලග්න වලට තද බල පාපි ග්‍රහයා වනු ඇත. මිථුන කන්‍යා තුලා මකර හා මීන යන ලග්න වලට යෝග කාරකයා වන බුධ මේෂ, කටක, සිංහ වෘශ්චික යන රාශි වලට මාරක ග්‍රහයා වන්නේය. යම් පුද්ගලයෙකුගේ ජන්ම පත්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමග සාකච්ඡාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇත. එසේම බුධ බලවත් බෙහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග්‍රහයෙකු නිසාය. බොහෝ විට බුධ ග්‍රහයා තමා සමග යෝග වන ග්‍රහයාගේ බලය ආරෝපනය කරගනු ඇත. එය බුධගේ ස්වරූපයයි.

බුධ බලවත්ව (උච්චව හෝ ස්වක්ෂේත්‍රව) යම් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් සුබ ප්‍රබල බලවත් සුබ යෝගය උදා වනු ඇත. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥාානවන්තයන් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇත. මේ අය නීතිය, ජ්‍යොතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයින් වන්නේය. බුධ ග්‍රහයා ජන්ම පතේ හා නවාංශකයේ දුර්වල වීම හේතුවෙන් කථාවෙහි දුර්වලතා, ලේ දෝෂ හේතුවෙන් ශරීරික පීඩා, තුවාල, ස්නායු ආබාධ, වචනයේ අමිහිරිතා ඇතිවිය හැකිය. බුධට අයිති දිනය බදාදා වේ. බුධ අපල සඳහා කොහොඹ වක්ෂයට සාත්තු කිරීම අපල සඳහා නොවරදින පිළියමකි.

එසේම රවිගේ රාශියක් වන සිංහය යනු රවිගේ නිවහනයි. ඒ අනුව බුධ එළඹෙන 2023 ජූලි 25 වන අඟහරුවාදා දින උදේ 04.32 ට තමාට මිත්‍ර රාශියක් වන සිංහ රාශියට පිවිසෙනු ඇත. මෙම කාලසීමාව තුල ලග්න 12 අතරින් මේෂ, මිථුන, සිංහ. කන්‍යා තුලා, මකර. කුම්භ යන ලග්න වලට සුබ ප්‍රතිඵල උදා වන අතර මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මාස 2 කට ආසන්න ඉදිරි කාල සීමාව තුළ රට තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. මෙම කාලසීමාව කෘෂිකර්මාන්තයට ඉතාම සුබ දායක වනු ඇත. මෙම කාලය අස්වනු සරුවන වැඩියෙන් ඵල හටගන්නා කාලයකි. එසේම වැසි තත්වයේ යම් අඩුවීමක් සිදු වන අතර, නමුත් ගං වතුර, හා කාලගුණ වෙනස් කම් බහුල වනු ඇත. විශ්ෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මෙම කාල සීමාව සුබ දායක වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතු වලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය ඉතාම සුබ දායක වනු ඇත.

පොදූවේ ලග්න වශයෙන් ගත් කල බුධ සිංහයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත.

මේෂ

ඔබට විවාහ වාසනා උදාවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබය. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශවයෙන් දායාද හිමිවනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබදායකවනු ඇත.

වෘෂභ

මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකිය.ි සහෝදරයින්ට අසුභ වෙයි.

මිථුන

ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන් වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත් එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය.

කටක .

පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ .

විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාල සීමාව තුළ උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. කන්‍යා .

මෙතෙක් කාලයක් අඩාලව පැවත් යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

තුලා .

සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායකවේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවීතය තුළ වැයපක්ෂය අඉහළ යනු ඇත. එදිනෙදා කටයුතු වලදි යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හේ අසල්වාසීන් සමග අමනාපවීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇතිවිය හැකියි.

වෘශ්චික .

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා ධුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවයක් ඇත. රෙදිපිළි හා වස්තු ලාබ නොලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

ධනු .

ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.

මකර .

සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වැංරැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝග වලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාදවනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.

කුම්භ .

සතරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහල යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.

මීන.

මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමග මත බේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්වයන්, හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,
බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය
නො. 49/1, විහාර මාවත, ගම්මන්පිල,
බණ්ඩාරගම. 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment