ස්ත්‍රියකගේ පාදය හා පා ඇගිලි පවසයි ඇගේ ගතිගුණ

1877

ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ දේහ ලක්ෂණ ගැන සැලකීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම අංගවලින් එම ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ගතිගුණ හොඳින් විමර්ශනය කළ හැක. මෙහිදී ස්ත්‍රියකගේ පාදය හා පා ඇඟිලි මගින් කියැවෙන නාරි ගතිගුණ විමසීමට සිතුවෙමි. ස්ත්‍රියගෙන් ස්ත්‍රියට පාදයේ හැඩය, පා තබන ආකාරය හා ඇඟිලිවල පිහිටීම් වෙනස් වේ. ඒ නිසාම එයින් කියැවෙන ගතිගුණවල ද පරස්පරතා පවතී. සෘෂි මුවින් පිටවුණු ස්ත්‍රියකගේ පාදය හා පා ඇඟිලිවලින් කියවෙන ගතිගුණ මෙසේය.

  1. පාදයේ නහර අධිකව මතුවී ඇති ස්ත්‍රිය,

මෙවන් ස්ත්‍රීන් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වන බොහෝ දිළිඳු ස්ත්‍රීන් වේ. ජීවිතය පුරාවටම අපමණ දුක්ගැහැට විදියි. නිතර කලකිරීමෙන් හා පසුතැවීමෙන් ජීවත් වේ.

  1. පාදයේ රෝම අධිකව පිහිටියේ නම්

මෙවන් ස්ත්‍රීන් යමක් උපයා ගැනීමට අධික ලෙස මහන්සි විය යුතුය. කොතරම් මහන්සි වුව ද මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. මොවුන් ද බොහෝ දුක් විඳින, දිළිඳු ස්ත්‍රීන් ය.

  1. පාදයේ දබර ඇඟිල්ල, මහපට ඇඟිල්ලට වඩා බොහෝ දිග නම්,

මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර, මුරණ්ඩු අය වේ. තම සැමියා හෙළා දකියි. කටහැකරය, සැමියා සමග නිතර රණ්ඩු වීම නිසාම විවාහය දෙදරා යයි.

  1. මහපට ඇඟිල්ල වටකුරුව, උස්ව පිහිටි විට,

මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. යස ඉසුරු ලබමින් සතුටින් ජීවත් වේ. මැරෙන තුරුම සැපසේ සිටිය හැකි පිහිටීමකි.

  1. යටිපතුලේ මැද වැළගැසී තිබීම

මෙවැනි ස්ත්‍රීන්ට ජීවිතය ගෙනයෑම ඉතා දුෂ්කර වේ. මුදල් ඉපැයීමට දැඩි වෙහෙසක් ගත යුතුය. තම සැමියා ද දරුවන් ද අමතක කරන මොවුන් වෙනත් පුරුෂයන් සොයා යයි. මොවුන් කාමාධික චරිත වේ.

  1. යටිපතුල සම්පූර්ණයෙන්ම පොළොව ස්පර්ශ කරයි නම්,

මොවුන්ගේ ජීවිත ගමන බොහෝ කටුකය, කරදරකාරීය. ජීවිතය පුරාවටම අශුභ සිද්ධීන් ගණනාවකට මුහුණ දීමට සිදුවේ. විවාහය රැක ගැනීමට වෙර දැරුව ද එය ද අසාර්ථක වී යයි.

  1. යම් ස්ත්‍රියක් ඇවිදින විට දූවිලි අවුස්සයි නම්,

එම යුවතිය තම පවුලට නින්දා, අපහාස ලබා දේ. මොවුන් ඉතා කාමාධිකය. පර පුරුෂ ඇසුර ද වැඩිය. විවාහය ද අසාර්ථක වී කැඩී යයි.

  1. පා ඇඟිලි පුපුරන තරමට මහත් වේ නම්,

තම සැමියා පසෙකලා අන් සැමියන් සොයා යන කාමාධික ස්ත්‍රියකි. මොවුන් තම පවුලේ ගෞරවය නැති කර දමයි. නරක වැඩවලින් මුදල් උපයයි.

  1. පාදයේ නියපොතු කළු පැහැයෙන් යුක්ත නම්

වෙර වීරිය යොදා ජීවිකාව ගෙනයයි. තමන් විඳින දුක් කම්කටොලු ගැන සිතා නිතර කනස්සල්ලෙන් පසුවන ස්ත්‍රියකි.

  1. පාදයේ සුලැඟිල්ල පොළොවෙන් ඉස්සී තිබේ නම්

මෙවන් ස්ත්‍රීන් ද්විත්ව චරිත රඟපායි. කාමාධිකය. තම සැමියා රවටා පර පුරුෂයන් සොයා යයි. මෙවන් ස්ත්‍රීන්ගේ සැමියන් අකාලයේ මියයෑම හෝ ස්ත්‍රිය හැරයෑම හෝ සිදු කරයි.

  1. පාදයේ ඇඟිලි එකිනෙක පිට නැගී ඇත්නම්

මෙවන් ස්ත්‍රීන් පර පුරුෂයන් ඇසුරු කරයි. විවාහය නාමිකව පවතී. දරුවන්ට ද ආදරය නැත. කෲරය මොවුන් බොහෝ විට නගර සෝබනියන් ලෙස හැසිරේ. අනාගතය අඳුරුය.

  1. ඇවිදීමේදී උඩ පැන පැන යන හෝ තාරාවකු ආකාරයට ගමන් ගන්නා ස්ත්‍රිය,

මෙම ස්ත්‍රීන් ගුණ ධර්ම අනුව ජීවත් නොවේ. හැසිරීම අප්‍රිය සහගතය. නිතර නිතර දුර ගමන්වල යෙදේ. පවුකම් කළ ද එය බොහෝ රහසිගතව සිදු කරයි.

  1. යටිපතුලේ පියුම්, රථය, සේසත, කොඩිය හෝ හක්ගෙඩිය ආදී ලක්ෂණවලින් එකක් හෝ පිහිටි ස්ත්‍රිය,

ඉතා වාසනාවන්තය. යස ඉසුරු පිරි ජීවිතයක් ගතකරයි. මොවුන්ගේ විවාහය ඉතා සාර්ථකය. සමාජයෙන් ගෞරව, නම්බු නාම හිමිවන ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රියක් විවාහය පිණිස ලබන පුරුෂයා ඉතා වාසනාවන්තය.

  1. පාදයේ වෙදඟිල්ල හෝ මැදඟිල්ල පොළොවේ නොවදී නම්,

මෙවන් ස්ත්‍රීන් බොහෝ අවාසනාවන්ත ජීවිතයක් ගත කරයි. තම සැමියාගේ ආදර, ගෞරවය නොලබයි. නමුත් මොවුන් දියුණු වීමට කරදරවලින් මිදීමට අසීමිත ලෙස උත්සාහ දරන අය වේ.

  1. වළලුකර ප්‍රදේශය රෝම රහිතව පැහැදිලිව තිබීම.

මෙවැනි ස්ත්‍රීන් ඉතා බුද්ධිමත්ය. විවිධ ශිල්ප ශාස්ත්‍රවල හසල දැනුමක් ඇත. ඉතා ප්‍රසිද්ධියට පත් වේ. සමාජයෙන් කීර්තිය, ප්‍රශංසාව ලබයි. යහපත් විවාහ ජීවිතයක් හිමිවන අතර ජීවිතය පුරාවටම සතුටින් සිටියි.

  1. පාද ඉරිතලා, රළු බවකින් යුක්ත වීම, (කොරල සහිත සමක්)

මෙවන් ස්ත්‍රීන්ගේ බලාපොරොත්තු බිඳවැටේ. විවිධ කරදර වැල නොකැඩී එයි. මොවුන් බොහෝ හිතුවක්කාරය. දුරදිග නොබලා වැඩ කරයි. අනුන්ගේ උපදෙස් ගාණනකටවත් නොගනී.

  1. වළලුකරේ පමණක් නහර ඉලිප්පී තිබීම,

මෙවන් ස්ත්‍රීන් නිශ්ඵල වැඩවල නියැළේ. කාලය කාදමයි, මාන්නාධිකය, තමාව තමා විසින්ම වර්ණනා කර ගනී. නිතර අනුන්ට දොස් පරොස් කියයි. නොලැබෙන සතුට ගැන සිතා නිතර සිහින මවයි.

  1. පිටපතුලේ නහර ඉලිප්පී, වියළී, රළු පාද හිමි වීම,

මොවුන් කටවාචාලය. ස්ථිර අදහස් නැති, උත්සාහ නොකරන, උත්සාහ කළ ද ප්‍රතිඵල හීන, දුගී, අවාසනාවන්ත තැනැත්තියන්ය. ජීවිතය පුරාවටම මෙවන් ස්ත්‍රීන් දුක් විඳියි.

ස්ත්‍රියකගේ පාදය හා පා ඇගිලි පවසයි ඇගේ ගතිගුණ

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment