මීරියබැද්දේ නැවතත් නායයෑම් සක්‍රීය වෙලා

21

පවුල් 32 ක් සුරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයට

මේ දිනවල ඇද හැලෙන වර්ෂාව සමග මීට පෙරද දැවැන්ත නායයෑම් සිද්ධියක් වාර්තාවූ කොස්ලන්ද මීරියබැද්ද, බැද්දවත්ත ප්‍රදේශය තුළ ඊයේ (27 දා) උදෑසන සිට යම් නායයෑම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීරියබැද්ද වතුයායේ පේළි නිවාස 14 හා 15 ඉහළ කොටස්වල මෙම පැලුම් තත්ත්වය නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි මෙම කොටසේ පදිංචි පවුල් 32 ක් කොස්ලන්ද වත්ත සුරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයට යොමුවන ලෙසද දැනුම්වත් කර ඇත. මේ තත්ත්වය සම්බන්ධයෙන් අප බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතාගෙන් හා හල්දුම්මුල්ල ආපදා නිලධාරී ගමගේ ඉන්දික පුෂ්පකුමාර මහතාගෙන්ද විමසුවෙමු.

හල්දුම්මුල්ල ආපදා නිලධාරී ගමගේ ඉන්දික පුෂ්පකුමාර මහතා,

“මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ මෙම කොටසේ යම් පැලුම් තත්ත්වයක් අප දින කීපයක්ම නිරීක්ෂණය කළා. මේ සම්බන්ධයෙන් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය දැනුවත් කර තිබෙනවා. ඔවුන්ගෙන් නිර්දේශයක් ලැබෙන තුරු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවගේම මෙම අවදානම් කොටසේ පදිංචි ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුද අපි මේ වනවිට සිදු කරමින් සිටිනවා.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment