උතුරේ ආණ්ඩුකාරගේ බලතල මහ ඇමැතිට ඉල්ලයි

61

උතුරු ආණ්ඩුකාරවරයා සතු සියලු බලතල මහ ඇමැති සහ උතුරු පළාත් සභාවේ ඇමැති මණ්ඩලයට පවරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත. එසේම පළාත් පොලිසිය ස්ථාපන කිරීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ද ද්‍රවිඩ සන්ධානය ඉල්ලා තිබේ. මේ හැර උතුරු පළාත් සභාවේ ඇමැතිවරුන්ට විෂයන් පැවරීම ආණ්ඩුකාරවරයා විසින් නොව ප්‍රධාන ඇමැතිගේ නිර්දේශ මත සිදුවිය යුතු බවද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා ඇත.

ද්‍රවිඩ සන්ධානයේ මෙම ඉල්ලීම් නිසා උතුරේ රාජ්‍ය නිලධාරීන්ගේ අයතා ක්‍රියා ගැන කටයුතු කිරීමේ බලය ද ආණ්ඩුකාරවරයාට අහිමි වෙයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment