SLT-MOBITEL Hosting Cub හඳුන්වා දෙයි

85

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ (MSMEs) වර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, වැදගත් Hosting අවශ්‍යතා සපුරාලීම සඳහා Hosting Cub – Shared Web Hosting සේවාව හඳුන්වාදී ඇත.

SLT-MOBITEL, සිය Shared Hosting සහ Virtual Private Server (VPS) විසඳුම මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහනදායී මිලගණන් යටතේ Hosting සේවා පහසුකම, එම ව්‍යවසායවල සයිබර් පැවැත්ම සහ අනෙකුත් අගය එකතු කළ දීමනා පිරිනමයි.

Hosting විසඳුම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය සඳහා කාර්යක්ෂම විකල්පයක් වශයෙන් Shared Hosting සේවාව හඳුන්වා දී ඇත. මෙහිදී, සේවාදායක නඩත්තු සඳහා වැයවන සමස්ත පිරිවැය හවුලේ බෙදීයන අතර, කුඩා වෙබ් අඩවි හා Blogs සඳහා මෙන් ඉහළ කළාප ආවරණයක් (Bandwidth) අවශ්‍ය නොවන අඩු ක්‍රියාකාරිත්වයක් සහිත වෙබ් අඩවි සඳහා ද සේවය සලසයි.

advertistmentadvertistment
advertistmentadvertistment