මහජන බැංකුවේ 62 වන සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ කඳවුරක්

34

මහජන බැංකුවේ 62 වැනි සංවත්සරය නිමිති කරගනිමින් පැවති ලේ දන්දීමේ කඳවුර කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ආපන ශාලාවේදි පසුගියදා පැවැත්විණි.

මහජන බැංකුවේ සුබසාධක දෙපාර්තුමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරේදී බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළ අතරල මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනි/ සාමාන්‍යාධිකාරීනි රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) නිපුණිකා විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) කේ.ඒ නිහාල් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර (සුබසාධන සහ සේවක ණය) අජිත් රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment