මියගොස් භූමදාන කළ පුතා දින තුනකට පසු ගෙදර ඇවිත්

766

ගම්පල බස් නැවතුම්පළේ මියගොස් සිටි නාඳුනන යාචකයකු තමාගේ පුතා යැයි හඳුනාගත් මවක් ඇතුළු එම පවුලේ උදවිය එම මළ සිරුර භූමදාන කර දින දෙක තුනකට පසු මියගිය පුද්ගලයා නිවසට පැමිණීමේ සිද්ධියක් ගම්පල පොලිසියෙන් වාර්තා වෙයි.

මේ අනුව අදාළ පිරිස මියගියේ තමාගේ පුතා යැයි කියා හඳුනාගෙන භූමදාන කර ඇත්තේ වෙනත් මෘත දේහයන් බව ගම්පල පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක්‘ දිවයින’ට පැවසීය.

ගම්පල බස් නැවතුම්පළේදී මියගිය යාචකයා නාවලපිටියේ පදිංචි පුද්ගලයකු බවට ගම්පල පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර එම තොරතුරු ඔස්සේ පොලිස් විමර්ශනයක් කරගෙන යද්දී ඔහු ගම්පල දොළොස්භාගයේ පදිංචි අයකු බව හෙළිකර ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් ලිපිනය ඔස්සේ එම නිවසට යද්දී පවුලේ උදවිය ගම්පල මෘත ශරීරාගාරයේදී සිරුර හඳුනාගනු ලැබ ඇත්තේ තම පවුලෙන් කලකට පෙර පිටව ගිය පුත්‍රයා ලෙසටය.

එම පවුලේ සෙසු දරුවන්ද මියගොස් ඇත්තේ තමාගේ සොහොයුරා බවට හඳුනාගෙන මෘත දේහය අධිකරණ වෛද්‍ය නිලධාරියා හා මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේදී භාරගෙන අවමංගල්‍ය කටයුතු සිදුකර ඇත. දින තුන හතරකට පසු මියගියේ යැයි සිතූ පුත්‍රයා එම නිවසට පැමිණ ‘අම්මේ මම එළුකොටුවක රැකියාවක් කරනවා යැයි’ පවසා ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment