පොලිස්පති පුටුව ආයෙත් හිස්

127

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තුන්වැනි වතාවටත් ලබාදී තිබූ සේවා දීර්ඝ කිරීම ඊයේ (24 වැනිදා) දිනයේ අවසන් වුවද නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු කර නැත.

ව්‍යවස්ථාදායක සභාවේ කීපදෙනකු කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීම නිසා නව පොලිස්පතිවරයකු පත් කිරීමට මේවනතුරු හැකි වී නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23 වැනිදා) ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ නව පොලිස්පතිවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment