පොලී අඩු නොකළොත් මහ බැංකුවෙන් නියාමනයක්

232

ඉදිරියේ දී උද්ධමනය අඩුවීමට සාපේක්‍ෂව වෙළෙඳ පොළ පොලී අනුපාතික සුදුසු පරිදි පහළ යෑමක් සිදුනොවන්නේනම් එම තත්ත්වය පාලනය කිරීම සඳහා නියාමන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

වෙළෙඳ පොළ පොළී අනුපාත අනිසි ලෙස ඉහළ යෑම වැළැක්වීම සඳහා මේ නියාමන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

සමස්ත මුදල් වෙළෙඳ පොළ තත්ත්වයන්ගේ මෑතකාලීන වර්ධනයක් හමුවේ වුවද වෙළෙඳ පොළ පොලී අනුපාතික, එනම් විශේෂයෙන්ම තැන්පතු පොලී අනුපාතික සහ කෙටිකාලීන ණය පොලී අනුපාතික අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එමගින් ව්‍යාපාරික හා ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි වන අහිතකර බලපෑම් පිළිබඳව මුදල් මණ්ඩලයේ දැඩි අවධානය යොමුකරන ලද බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment