ශ‍්‍රීලනිපය යැව්වොත් ආණ්ඩුවෙන් යන්න මන්ත‍්‍රීවරු 74 ක් සූදානමින්!

780

ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 14 දෙනාට දැන්වුවහොත් ඕනෑම මොහොතක ඊට සූදානම් විය යුතු බව පක්‍ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයකර ඇත.

පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 2 වැනිදා පක්‍ෂ මූලස්ථානයේ රැස් වූ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ද ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය. එසේ ඉවත්වීමේදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 14 දෙනාට අමතරව ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රධාන පක්‍ෂ කිහිපයක මන්ත‍්‍රීවරුන් සමඟ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 60 දෙනකු පමණ පිරිසක් ද ඉවත්වීමට කැමැත්ත පළකර ඇතැයි ද එම මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment