වව්නියාවේත් කොරෝනා මරණයක්

25

කොරෝනා ආසාදිතව වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 55 හැවිරිදි පුද්ගලයකු ඊයේ (03 දා) මියගොස් තිබේ.

මෙම රෝගියා පදවිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර දින ගණනාවක් උණ රෝගය පැවතීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අයෙකි.

මොහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු වවුනියාව මහ රෝහලේ කොරෝනා විශේෂිත වාට්ටුවට ඇතුළත් කොට තිබූ අතර ඔහු මියගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය.

මොහු වකුගඩු රෝගයෙන් පෙළෙන අයෙකු බවත් පදවියේ සිට වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වවුනියාව මහ රෝහලේ වෛද්‍ය සායනයට පමිණෙන බවත් වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

පරීක්ෂණ කටයුතුවලින් පසුව ඔහුගේ මෘත ශරීරය නිරෝධායන නීතිරීතිවලට අනුව සිදු කිරීමට වවුනියාව මහ රෝහලේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment