සූරියපුර වේල්ල බේරගන්න වැලි කොට්ට ගසන රණවිරුවෝ

46

සූරියපුර හරහා ගලා බසිනා මහවැලි ගඟේ ගංවතුර ආරක්ෂණ වේල්ලේ ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වය හමුවේ පෙරේදා (02 දා) රාත්‍රී වැලි ගෝනි ගසා තත්ත්වය පාලනය කිරීමට යුද හමුදා 222 බලසේනා භට පිරිස් කටයුතු කළහ.

ඇතිවූ හදිසි තත්ත්වය හමුවේ යුද හමුදාවේ සහායට සිවිල් ආරක්ෂක බළකාය, ගොවි සංවිධාන, මහවැලි හා වාරිමාර්ග සේවකයන්ද එක්වූ බව කන්තලේ වාරිමාර්ග ඉංජිනේරු චින්තක එස්. සුරවීර මහතා පැවසීය. මෙම අවදානම් අවස්ථාව නිරීක්‍ෂණයට කන්තලේ ප්‍රාදේශීය ලේකම් එන්. එම්. උපේක්‍ෂා කුමාරි මහත්මිය පැමිණ අවශ්‍ය සහාය ලබාදෙනු ලැබීය.

සූරියපුර වේල්ල බේරගන්න වැලි කොට්ට ගසන රණවිරුවෝ

තත්ත්වය මෙලෙස පාලනය නොකළේ නම් පිටාර ගලන ජලයෙන් බැම්මට හානි සිදුවී විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව වාරි ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේය. දැඩි පරිශ්‍රමයකින් පසු මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවිය. තත්ත්වය පාලනය වුවද අවදානම පහව ගොස් නොමැති නිසා නිරන්තර අවධානයෙන් එම ස්ථානයට යොමුකර ඇති බවද ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේය.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment