පාරිසරික තිරසාර දායකත්වය වෙනුවෙන් HDFC බැංකුවට සහතිකයක්

34

පාරිසරික තිරසාරත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් ප්‍රමුඛ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආයතනයක් වන Eco Spindles වෙතින් HDFC බැංකුවට ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ සහතිකයක් පිරිනමන ලදී.

Eco Spindles සමඟින් තම පාරිසරික ව්‍යාපෘතිය යටතේ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම සම්බන්ධයෙන් HDFC බැංකුවේ සැලකිය යුතු ප්‍රගතියක් සඳහා මෙම සහතිකය සාක්‍ෂියකි.

HDFC බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි නිශාමන් කරුණාපාල මහතා, Eco Spindles හි මූලාශ්‍ර විධායක නිලධාරි නිලේෂ් චතුරංග මහතා වෙතින් සහතිකය ලබාගන්නා ලදි.තෝරාගත් HDFC බැංකු ශාඛා සහ පොදු ස්ථාන හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් ස්ථානගත කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමත් තුළින් පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා බැංකුවේ ලබාදෙන ලද දායකත්වය අගය කිරීම, මෙම සහතිකය ලබාදීම මගින් සිදු කර ඇත. මෙම බඳුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මාර්ගයක් ලෙස භාවිතා කරන අතර, අපද්‍රව්‍ය කළමණාකරණයට ප්‍රජාවේ ක්‍රියාකාරී සහභාගිත්වය සහ ප්‍රතිචක්‍රීකරණ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම දිරිමත් කිරීම අපේක්‍ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment