මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා… රොම්ලස්ට 80යි

200

ඇයි නාවේ…. මල් පෙත්තක පන්හිඳකින්… ආදී ගීත රැසක් මේ රටේ සුභාවිත ගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී ජේ. ඒ. රොම්ලස් පෙරේරා මෙම 18 වැනිදා සිය දිවියේ 80 වැනි ජන්ම දිනය සමරයි.

1944 දෙසැම්බර් 18 වැනිදා නුගේගොඩ උපත ලැබූ ජයසූරිය ආරච්චිගේ රොම්ලස් පෙරේරා පාසලේ ගීත ගයා 1963 දී ගුවන් විදුලියට සම්බන්ධ වී 1965 දී සරල ගී ගායනයට එක්වී 1970 දී “ඇයි නාවේ” මල්පෙත්තක පන්හිඳකින් යන ගීත දෙක ගායනා කර ලංකාවේ ජනප්‍රිය ගායන ගොන්නට එක් විය. එතැන් සිට චිත්‍රපට හා CD පටිවලට ගීත ගයා ජනප්‍රිය වුණා. 1980 දී ගුවන්විදුලි සංස්ථාවට එක් වී සංගීත නිෂ්පාදකවරයෙක් වශයෙන් එක්වී සංගීත ක්ෂේත්‍රයට විශාල සේවයක් කළා. “සරල ගී”, “මාසික රැඟුව”, “සේවක සංග්‍රහය”, “බොදු ගී” බයිලා සංග්‍රහය, අනුස්මරණ ගී වැඩසටහන් රාශියක් කළා. ඔහු ගායනා කළ සෑම ගීතයක් ම ජනප්‍රිය විය. ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර, හේම ශ්‍රී ද අල්විස්, ඩෝල්ටන් අල්විස්, ලාල් මුදන්නායක, චන්ද්‍රලාල් හේවහෙට්ටිගේ ගීත රචනා කර තිබේ. සුජාතා අත්තනායක, අයිරින් ද අල්විස්, උරේෂා රවිහාරී, මායා දමයන්ති, සුදත් හඳුන්ගේ වැනි අය සමග ද ඔහු ගීත ගායනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment