ජගත් ඔලිම්පියාඩ් ශූරයන්ට උපහාර පුදයි

43

ජපානයේදී හා බල්ගේරියාවේදී පසුගියදා පැවැති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ හා අන්තර්ජාතික ගණිත තරගාවලියේ ජයග්‍රහණය කළ සිසුන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව සහ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් පදනම එක්ව එය සංවිධානය කළ අතර සේයාරුවෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකරගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ එච්. එම්. මිහිරු අනුෂ්ක බණ්ඩාර හා අන්තර්ජාතික ගණිත තරගාවලියේ රිදී පදක්කම දිනාගත් කොළඹ බි්‍රතාන්‍ය පාසලේ ප්‍රවීන් තාරුක අතාවුද ආරච්චි, ලෝකඩ පදක්කම ලබාගත් ගංගානාත් කෙවින් රවිඳු බණ්ඩාර රණතුංග යන සිසුන් සහතිකපත් ලබාගත් අයුරු.

ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනමෙහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය චානක්‍ය විජේරත්න මහතා ද මීට සහභාගි විය.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment