මැයි දිනයට අලි මරදානට

72

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය මරදාන මංසන්ධියේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මැයි දින රැලිය පැවැත්වෙයි.

එජාප මැයි රැලිය නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට කලින් සාකච්ඡා වී තිබුණ ද පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ජනතාවට පහසුවෙන් පිවිසිය හැකි මෙන්ම ඉඩකඩ ඇති ස්ථානයක් ලෙස මරදාන මංසන්ධියේ ටවර් හෝල් රඟහල අසල මාර්ගය මැයි දින රැලිය පැවැත්වීමට සුදුසු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සංවිධාන කටයුතු කලාප සංවිධායකවරුන් දහසකට පවරා ඇති අතර එක් සංවිධායකවරයකු පුද්ගලයන් හැට දෙනා බැගින් මැයි දින රැලියට සහභාගි කරවන ලෙස මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ජන බලය පෙන්වන මැයි දිනයක් ලෙස එජාප මැයි රැලිය පවත්වන බව මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment