දෙහිඕවිට කාන්තාවක් නාන කාමරය ඇතුළේ ඝාතනය කරලා

880

අභිරහස් අන්දමින් ඝාතනය වූ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් නිවසක නාන කාමරයක් තුළ තිබී ඊයේ (22 වැනිදා) උදේ සොයා ගත් බව දෙහිඕවිට පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ දෙහිඕවිට, දැරණියගල පාරේ පදිංචව සිටි එල්. ආර්. මැණිකේ නමැති 38 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට ලක්වූ කාන්තාවකගේ හිස ප්‍රදේශයට එල්ල වූ පහරක සලකුණු දක්නට ඇතැයි පොලිසිය කියයි.

මෙම කාන්තාවගේ සැමියා කොළඹ රැකියාවක් කරන බවත්, අදාළ ඝාතනය සිදුවූ මොහොතේ ඇය තනිවම නිවසේ සිට ඇති බවත් පොලිසිය කියයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා දෙහිඕවිට පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment