ඔස්ට්‍රේ‍රලියාවේ පාසලක වෙඩි තැබූ සිසුවාට සිරදඬුවම්

170

ඉකුත් වසරේ මැයි මාසයේදී ඔස්ට්‍රේ‍රලියාවේ පාසලක වෙඩි තැබීමක් සිදු කළ 15 හැවිරිදි අයකුට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට ඔස්ටේ්‍රලියානු අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ. 15 හැවිරිදි පර්ත් නගරවාසියකු වූ බාල අපරාධකරු ඉකුත් මැයි මාසයේදී ඇට්ලන්ටිස් බීච් බැප්ටිස්ට් විදුහලේදී රයිෆල් දෙකක් භාවිත කරමින් තුන් වරක් වෙඩි තබා තිබූ අතර ඉන් කිසිවකුටත් හානි සිදු වී නොතිබිණි.

ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ පාසලක සිදු කළ ප්‍රථම වෙඩි තැබීම වූ මෙම වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී පාසලේ සිටි සිසුන් හා ගුරුවරුන් ජීවිතය බේරා ගැනීම සඳහා පංති කාමරවල තිබෙන කබ්ඩ්වලට මුවා වීමට හා මේස යට සැඟවී සිටීමට පියවර ගෙන තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment