ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ‘‘ජන රැකුම’’ පුද්ගල හදිසි අනතුරු ආවරණය

123

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොදු ජනතාව සඳහා රක්ෂණයේ ප‍්‍රතිලාභ පුළුල් කරමින් ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා ”ජන රැකුම” පුද්ගල හදිසි අනතුරු ආවරණය හඳුන්වා දී තිබේ.

මෙම ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය ඔස්සේ එදිනෙදා ජීවිතයේ සිදුවන හදිසි අනතුරු අවදානම් අවම කිරීම සඳහා ආවරණය ලබාදෙයි. වසරකට රු. 700/- , රු.1250/- සහ රු. 2100/- වැනි ඉතා පහසු වාරික යටතේ මුළු රක්ෂිත අගය රු. 250,000, රු.500,000/- සහ රු.1,000,000/- ලෙස හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ සඳහා ප‍්‍රතිලාභ ලබාදෙයි. එසේම මෙම ආවරණය යටතේ අවමංගල්‍යාධාර ප‍්‍රතිලාභය සහ හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන රෝහල් ගතවීමකදී දෛනික රෝහල් ගාස්තු ප‍්‍රතිලාභයද ලබාගත හැකිය. එමෙන්ම මෙම සමග අමතර ආවරණ ලෙස යතුරුපැදි ආවරණය සහ දවසේ පැය 24 සඳහාම ලොව පුරා ආවරණය ලබාගත හැකිය.

දැරිය හැකි වාරිකයක් යටතේ ලබාගත හැකි මෙම රක්ෂණ ආවරණය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් හඳුන්වාදෙන ලද ”සැමට රැකවරණය ” යන සංකල්පය ඔස්සේ විවිධ ජන කොටස් සඳහා ආවරණය සැලසීම සඳහා වඩා ප‍්‍රායෝගික සහ පහසු රක්ෂණ විසඳුම් හඳුන්වාදීමේ ක‍්‍රියාවලියෙහි එක පියවරක් ලෙස හැඳින්විය හැකිය.

තවදුරටත් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම නව රක්ෂණ සැලසුම් හඳුන්වාදීම මගින් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජිවිත සුරක්ෂිත කරමින් සහ ජීවන තත්වය ඉහල නංවමින් ආර්ථික ස්ථාවරත්වය නංවාලීම සඳහා කටයුතු කරයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූත්ගම මහතා සහ ආයතනික කළමනාකාරිත්වය ”ජන රැකුම” පුද්ගල හදිසි අනතුරු ආවරණය හඳුන්වාදීම සංකේතවත් කිරීම සඳහා ”ජන රැකුම” පුද්ගල අනතුරු ආවරණය ලබාගත් අතර , ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රක්ෂණාවරණය මිලදී ගැනීමට අවස්ථාව සලසමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සියලූම දෙපාර්තමේන්තු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ජන රැකුම” පුද්ගල හදිසි අනතුරු ආවරණය ලබාගත් අයුරු ජායාරුපයෙන් දැක්වේ

advertistmentadvertistment
advertistmentadvertistment