යාපනයේ නාග පූෂණී අම්මාන් ප්‍රතිමාව ඉවත් කරන්න

147

අයිතිකරුවකු සිටීනම් ඉදිරිපත් වෙන්න අධිකරණය නියෝග කරයි

යාපනයේ පන්නෙයි මාර්ගයේ මාර්ගය අවහිර වන පරිදි ඉදි කොට ඇති නාග පූෂණී අම්මාන් ප්‍රතිමාව ඉවත් කරණ ලෙස යාපනය අධිකරණය මගින් නියෝගයක් නිකුත් කොට තිබේ.

මෙම ප්‍රතිමාවට අයිතිවාසිකම් කියන කවරෙකු හෝ සිටීනම් වහාම අයිතිය තහවුරු කරන ලෙසත් එසේ නොමැතිනම් පොලිසියට එම ප්‍රතිමාව ඉවත් කිරීමට සිදුවන බවත් අධිකරණ නියෝගය උපුටා දක්වමින් පොලිසිය යාපනයේ ජනතාවට දැණුම් දීමක් කොට තිබේ.

මෙම ප්‍රතිමාව ඉදි කිරීම සඳහා කිසිදු ආයතනයකින් අවසර ලබා ගෙන නොමැති අතර එය යපනය පන්නෙයි මාර්ගයේ වාහන ගමනාගමනයට විශාල බාධවක් වන ලෙස ඉදිකොට තිබේ.

එම ප්‍රතිමාව ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලැබීමත් සමගම එය ඉවත් කරන තුරු ඊට ආරක්ෂාව සපයා දීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් යාපනයේ පාර්ශ්ව රැසකින් විරෝධයක් එල්ල වී ඇතත් එම විරෝධය එතරම් දැඩි වීමක් නොමැති තත්ත්වයකට පත්ව තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment