උතුරේ සිට කොළඹ ඇවිත් තහනම් වෘත්තියේ යෙදිලා

699

උතුරු පළාතේ තරුණියන් හා කාන්තාවන් කොළඹට ගොස් ගණිකා වෘත්තියේ නිරත වීමේ ප්‍රවණතාව වැඩි වී ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.පසුගියදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් කොළඹ කොටුව හා මරදාන යන ප්‍රදේශවලින්ද මහරගම ප්‍රදේශයෙන්ද කාන්තාවන් 19 ක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඔවුන්ගෙන් 11 දෙනෙක මන්නාරම වවුනියාව හා යාපනය යන පළාත් වල සිට කොළඹට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන්නන් බව හෙළිව තිබේ. මුලින්ම මෙම කාන්තාවන් කොළඹට පැමිණ ඇත්තේ ඇඟලුම් කම්හල් වල සේවය කිරීම සඳහා බවත් ඉන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන නිසා ඔවුන් ගණිකා වෘත්තියේ නියැලුණු බවත් එම කාන්තාවන් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment