කිසිම දැනුම් දීමක් නොකර මගේ ගෙදර ලයිට් කපලා – මන්ත්‍රී ජගත් කුමාර ලංවිමට දෙහි කපයි

74

ගෙවන්න තිබුණේ ගිය මාසේ බිල විතරයි

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. විදුලිය සිඳලීම පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇති වූ අදහස් හුවමාරුවක් අතරතුර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තමාට ගෙවීමට තිබුණේ ගිය මාසයට අදාළ රුපියල් 12,000ක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයකුගේ නිවසේ පවා දැනුම් දීමකින් තොරව විදුලිය විසන්ධි කරන පසුබිමක සාමාන්‍ය ජනතාවගේ නිවසක විදුලිය විසන්ධි කිරීම අරුමයක් නොවන බව පැවසීය.

“මම මරණ ගෙවල් ගණනාවක ගිහිල්ලා, රැස්වීම් ගණනාවක ගිහිල්ලා උදේ ගෙදර එනකොට ගෙදර ලයිට් කපලා. කිසිදු දැනුම්දීමක් නැහැ. මට මෙහෙම කරනවා නම් අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම කරනවා ඇත්ද? විදුලි බල මණ්ඩලයට වගවීමක් නැද්දැයි” මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment