ගාල්ලේ විරෝධයට පොලිස් ප්‍රහාරයක් – නීතිඥ පිරිසක් සමග සාකච්ඡාවෙන් පසු ගාලු අට්ටාලය යළි ඉදිවෙයි

373

පහර දීමට ඊයේ විරෝධය
 

 ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පළකරමින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇරඹූ උද්ඝෝෂණයට ඉදිකර තිබූ අට්ටාලය ඊයේ (17 දා) පෙරවරුවේ පොලිසිය විසින් ගලවා දැමීමත් සමග පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය’

ගාල්ලේ විරෝධයට පොලිස් ප්‍රහාරයක් - නීතිඥ පිරිසක් සමග සාකච්ඡාවෙන් පසු ගාලු අට්ටාලය යළි ඉදිවෙයි

ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට පසුගිය (15 දා) සිට මෙම උද්ඝෝෂණය පැවති අතර මංමාවත් අවහිර කිරීමේ පනත යටතේ පොලිසිය පැමිණ අට්ටාලය ගලවා ඉවත් කළේය’

 ‘ගෝල්ෆේස් තනි නොකරමු’ යන තේමාව යටතේ ගාල්ල තරුණයන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර ඊයේ සහ අද (17 සහ 18) ගාල්ල ප්‍රධාන පාසල් දෙකක වාර්ෂික ක්‍රිකට් තරග නිසා විරෝධතා භූමියේ ඉදිකොට ඇති අට්ටාලය ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය පැමිණ ඉල්ලීමක් කළේය’

 එම ඉල්ලීමට විරෝධතාකරුවන් එකඟ නොවීම නිසා පොලිසිය අට්ටාලය ඉවත් කිරීමට පියවර ගත්තත් උද්ඝෝෂකයන්ට සහය පළ කිරීම සඳහා එම ස්ථානයට පැමිණි නීතිඥ පිරිසක් පොලිසිය සමග සාකච්ඡා කර නැවත අට්ටාලය ඉදිකිරීමට අවසර ගත්හ’

 අනතුරුව උද්ඝෝෂකයන් නැවත අට්ටාලය තුළ විරෝධතාව ආරම්භ කළ අතර රාත්‍රියේ සිට මෙම ස්ථානයට විශාල පිරිසක් එක්වීමට පටන්ගෙන තිබේ’

advertistmentadvertistment
advertistmentadvertistment