යටියන්තොට සමුප ඡන්දයේ ජය පොහොට්ටුවට

78

යටියන්තොට විවිධ සේවා සමුපකාර ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කර ඇත. එම මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් තරග කළ අපේක්ෂකයන් 80 දෙනකු ජයග්‍රහණය කර ඇත.

එම ඡන්දය සඳහා අපේක්ෂකයන් 100 දෙනකු තරග කර ඇති අතර සෙසු පක්ෂවලින් ජයග්‍රහණය කර ඇත්තේ අපේක්ෂකයන් 20 දෙනකු පමණි. යටියන්තොට විවිධ සේවා සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදු පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් තේරීපත්වූවන් අතරින් තෝරා ගැනීමට නියමිතය. මෙම ඡන්දය පසුගිය 12 වැනි දා පවත්වා ඇත.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment