මර්සලින් ජයකොඩි පියගුණ සැමරේ

39

මල් පැලේ උපන් පන්සලේ පියතුමා ලෙසින් විරුදාවලිය ලත් මර්සලින් ජයකොඩි පියතුමා ස්වර්ගස්ථ වී වසර 26 ක් පිරීම පසුගිය 15 වන දිනට යෙදී තිබිණි. එය නිමිති කරගෙන එතුමන්ගේ උපන් ගම් පියසේ පිහිටි දන්කොටුව ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ දී සැමරුම් උත්සවයක් එදින පැවැත්විණි. කටුකෙන්ද දොන් බොස්කෝ දෙව්සත් හලේ නිහාල් ලියනගේ පියතුමා සහ සෙන්දිරියමුල්ල ශ්‍රී සුභද්‍රාරාමාධිපති විශ්‍රාමලත් ආචාර්ය දුම්මලදෙනියේ ධම්මපාල ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ දන්කොටුව ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය සමන් කුමාර, ප්‍රධාන හෙද නිලධාරිනි මාලනී ශ්‍රියාලතා යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්සවයේදී හදිසි අනතුරු අංශය දැක්වෙන නාම පුවරුව සහ රෝහල් පරිශ්‍රයේ මාර්ග උපදේශන පුවරුව විවෘත කිරීම සහ නේවාසික රෝගීන් සඳහා කෙටි ආහාර පාර්සල් බෙදාදීම සිදුවිය. මෙම උත්සවය මර්සලින් ජයකොඩි පිය පදනම මගින් සංවිධානය කර තිබූ අතර ප්‍රධාන සැමරුම් දේශනය එම පදනමේ සභාපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක ආනන්ද කරුණාරත්න මහතා විසින් සිදුකරන ලදී.

ඩබ්ලිව්. ඇන්ටන් ජෙරාඩ් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment