ගුජරාටි ට තවත් පහසු ජයක්

66

මෙවර අයිපීඑල් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම තම ජයග්‍රාහී ගමනට තවත් එක් තරගයක් එක්කර ගනිමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයෙන් ලකුණු 56 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය.
එම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ගුජරාටි කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 227 ක් ලබාගත් අතර ලක්නව් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 177 ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමග ගුජරාටි කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගිය අතර එම කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 94 ක් ලැබූ ශුබ්මන් ගිල් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment