ඊයේ කොරෝනා මරණ 92ක්

595

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) කොරෝනා මරණ 92ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (21 දා) සහතික කළ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,376 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 1321 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 507,548 දක්වා ඉහළ ගියේය. කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලැබූවන් 882 ක් ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 435,022ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment