ඊජිප්තු සමුළුවට ලංකාව වෙනුවෙන් මාලදිවයින් කථානායකත් ගිහින් – නලින් බණ්ඩාර

156

ඊජිප්තුවේ පැවති දේශගුණික විපර්යාස පිළිබඳ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාලදිවයින් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ද සහභාගි වීම පුදුමයක් යැයි සමගි ජනබලවේගය මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටක රාජ්‍ය නායකයකු සහභාගි වීම පිළිබඳව විදෙස් මාධ්‍යය ද විශේෂයෙන් කතා කළ බව කී මන්ත්‍රීවරයා එම සමුළුවට සහභාගි වීමට විෂය භාර ඇමැතිවරයා හෝ ශ්‍රී ලංකාවේ සුදුසුකම් සහිත වෙනත් අයකු නැද්දැයි විමසීය.

මෙම සිදුවීම රටට විශාල ලැජ්ජාවක් වන අතර ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ මේ ආකාරයට රට බාල්දු කළේ ඇයිදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මෙම සමුළුවේ ආරම්භය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ පැහැදිලි කළ සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එම සමුළුවට රාජ්‍ය නායකයකු සහභාගිවීම ප්‍රශ්නයක් නොවන බවය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment