කොරියානු කථානායක එන විට මැති සබයේ ගොඩක් පුටු හිස්

180

සිව් දින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායකවරයා ඊයේ (21 දා) පෙරවරුවේ මෙරට පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ආසන විශාල ප‍්‍රමාණයක් හිස්ව පැවැති අතර කොරියානු කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බවට, තමන්ට දන්වා නැතැයි මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම ජගත් කුමාර, චමින්ද විජේසිරි මහතා ද චෝදනා කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳව විවාදය ඊයේ දිනද පැවැති අතර ඇතැම් විට මන්තී‍්‍රවරුන්ගේ අඩු සහභාගිත්වයක් තිබීම මත විටෙක හරින් ප‍්‍රනාන්දු මහතා සභාවේ ඝනපූරණය ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment