ඊයේ කොවිඞ් මරණ 100 පනී

164

දිනක් තුළ දී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඞ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව වූ මරණ 111 ක් පෙරේදා (8 දා) සිදුව ඇතැයි ඊයේ (9 දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග කොවිඞ්-19 ආසාදිතව මෙරට දී මියගිය පුද්ගලයන්ගේ සමස්ත සංඛ්‍යාව 5,222 දක්වා ඉහළ ගියේය.

කොවිඞ්-19 වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 2,161 දෙනකු ඊයේ (9 දා) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග කොවිඞ් ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 295,518 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඞ්-19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් 1928 ක් ඊයේ (9 දා) සවස වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඞ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 331,920 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විiා අංශය පවසයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment