සිංහරාජය මැදින් පාරවල් නැහැ

535

ලෝක උරුමයක් වන සිංහරාජ රක්‍ෂිත වනාන්තරය මැදින් කුමන කරුණක් නිසා හෝ මින්මතු මාර්ග සකස් නොකරන බවත් මේ වනවිට සකසා ඇති මාර්ග පුළුල් කිරීමට හෝ රක්‍ෂිත භූමියට අයත් වනාන්තර එළිපෙහෙළි කිරීමක් සිදුනොකිරීමට වගබලා ගන්නා බවටත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08දා) නීතිපතිවරයා මගින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

සිංහරාජය රක්‍ෂිත වනාන්තරය මැදින් මාර්ග ඉදිකිරීම අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම ඊයේ (08දා) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නවෝද් ද සොයිසා මහත්මිය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම ප්‍රතිඥාව ලබාදුන්නාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment