රත්නපුර ප්‍රා. ලේකම් කොට්ඨාස 18න් 16 කටම නාය අවදානම් නිවේදන

102

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් 16 කට ජාතික ගොඩනැඟිලි සහ පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. පෙරේදා 14 දා සිට මෙම නිවේදන නැවත දැනුම් දෙන තෙක් බලාත්මක බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. නායයෑම් අවදානම් සහිත බවට එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එමගින් අනතුරු අඟවා තිබේ.

කහ නිවේදනය හෙවත් නායයෑම් අවදානම් කලාපවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස නිවිතිගල, ඕපනායක, වැලිගෙපොල, බලන්ගොඩ, ඉඹුල්පේ, අයගම, කහවත්ත, පැල්මඬුල්ල, කිරිඇල්ල, ගොඩකවෙල සහ කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව ග්‍රාම නිලධාරීන් මගින්ද දැනුවත් කර ඇත.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment