සිරිල් ගාමිණී පියතුමා පැය 3 1/2 සීඅයිඩීයට ප්‍රකාශ දෙයි

42

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයන් තමන් දන්නා බවට මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය තුනහාමාරක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දීමක් කර තිබිණි.

ඒ අනුව එම පියතුමා ඊයේ පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයන් තමන් දන්නා බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කීපයක දීම සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදී තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment