උසස්පෙළ සිසුන්ගේ 80% බලන්න පැහැදිලි වැඩපිළිවෙළක් හදන්න – – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්

109

මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් නිසා සිසුන් ලක්‍ෂ 03 ක් පමණ දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2023 ජූලි 17 දා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ පාසලට පැමිණීම සැලකිල්ලට ගෙන තීන්දු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට බලය ලබාදී ඇති බවත්, ඒ අනුව බොහෝ පාසල්වල සිසු සිසුවියන්ගේ පැමිණීම සියයට දහය හෝ සියයට විස්ස වැනි විවිධ ප්‍රතිශතයන් බලන බවට තම සංගමයට වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ එම චක්‍රලේඛය මගින් සිසු සිසුවියන්ගේ සියයට අසූව පැමිණීම සලකා බලන ලෙස දැනුම්දී එම චක්‍රලේඛය මගින්ම අවසානයේ 2023 වර්ෂයේ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට පළමු අධ්‍යයන වර්ෂයේදී ඉගෙනුම් අවහිරතා, ආර්ථික හා ප්‍රවාහන ගැටලු පැවති බවට පිළිගෙන ඒ ගැන සලකා බලන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

2022 උසස් පෙළ විාගයට පෙනී සිටි සිසුන් සඳහා 80% නොබලන බවට කෙළින්ම දැනුම්දී තිබූ බවත්, 2023 සිසුන්ද එම ගැටලුවට මුහුණදී ඇති බව ලේකම්වරයා පිළිගෙන තිබෙන නිසා සිසුන්ගේ පැමිණීම ගණනය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට උපදෙසක් ලබාදෙන ලෙසත් ස්ටාලින් මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment