මුම්බායි ඉන්දියන්ස් පංජාබ් කිංග්ස් පරදවයි

75

සූර්යකුමාර් යාදව්ගේ පිතිහරඹයෙන් සහ ජස්ප්‍රිට් බුම්රා ගේ සහ ජෙරාල්ඩ් කෝට්සී ගේ පන්දු යැවීමේ දස්කම් මත පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පෙරේදා (18දා) සමත් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 192 ක් රැස් කළ අතර පංජාබ් කිංග්ස් කණ්ඩායමේ සියලු දෙනා පන්දු වාර 19.1 ක් අවසානයේ ලකුණු 183 කට දැවී ගියහ.

පංජාබ් කණ්ඩායමේ අෂුතෝෂ් ෂර්මා පන්දු 28 කින් වේගවත් ලකුණු 61 ක් හයේ පහර 7ක් හා හතරේ පහර 2 ක් සමගින් ලබා ගත්තද මුම්බායි පන්දු යවන්නෝ ජයග්‍රහණය තම කණ්ඩායම වෙත රඳවා ගත්හ.

පංජාබ් ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 14 දී දැවී ගිය අවස්ථාවේදී ශශාන්ක් සිං හා අෂුතෝෂ් ෂර්මා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි උත්සාහයක නිරත වූහ. ශශාන්ක් සිං පන්දු 25 කින් ලකුණු 41 ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජෙරාල්ඩ් කොට්සී ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් පන්දු 53 කින් ලකුණු 78 රැස් කළ අතර හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් ඊට ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රාහ් ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment