නදීෂා අද හෙල්ල අතට ගනී

171

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය යටතේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ අද (23 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිත වේ.

හෙල්ල විසි කිරීමේ කාන්තා මූලික වටයේ තරග අද පස්වරු 01:55 ට ‘ඒ’ කාණ්ඩය යටතේ ද පස්වරු 3.25 ට ‘බී’ කාණ්ඩය යටතේ ද ආරම්භ කෙරේ.

හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී මෙවර තරගාවලිය පැවැත්වේ.

මෙවර තරගාවලියේ මූලික වටය යටතේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වට සහභාගි වූ අරුණ දර්ශනට 6 වැනි ස්ථානය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment