2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ලෝක වාර්තාවක් සමගින් දිනේෂ් රන් පදක්කම දිනයි

174

2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් බිහිකරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ එෆ්46 කාණ්ඩයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර දිනේෂ් පි‍්‍රයන්ත ඊයේ (30 වැනිදා) සමත් විය. එ් අනුව මීටර් 67.79ක දුරක් වාර්තා කරමින් බිහි කළ එම ලෝක වාර්තාව සමගින් පැරාලිම්පික් තරගාවලියක රන් පදක්කමක් දිනූ පළමු ශී‍්‍ර ලාංකිකයා බවට දිනේෂ් පි‍්‍රයන්තගේ නම ඉතිහාසගත විය.

2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ලෝක වාර්තාවක් සමගින්  දිනේෂ් රන්  පදක්කම දිනයි

එක අතක් අකී‍්‍රය හෝ නොමැති එෆ්46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වූ දිනේෂ් පි‍්‍රයන්ත ඊයේ එම ඉසව්වේ පළමු උත්සාහයේදී මීටර් 62.58ක දුරක් වාර්තා කිරීමට සමත්විය. එය ඔහුගේ මේ දක්වා වාර්තා කර තිබූ සිය පෞද්ගලික දක්ෂතාව පසුකර යෑමක් වූ අතර දෙවැනි උත්සායේදී ඔහු මීටර් 62.19ක දුරක් වාර්තා කිරීමට සමත්විය. අනතුරුව කි‍්‍රයාත්මක වූ සිය තෙවැනි උත්සාහයේදී වාර්තාගත මීටර් 67.79ක දුරක් වාර්තා කිරීමට හේරත් සමත් වූ අතර එය එම කාණ්ඩයේ මේ දක්වා පැවැති ලෝක වාර්තාවක් බිඳ දැමීමක් ලෙසින් සටහන් විය. එම ඉසව්වේ ලෝක වාර්තාව මීට පෙර මීටර් 63.97ක් ලෙසින් සටහන්වී තිබූ අතර එය ඊයේ එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ඉන්දීය කී‍්‍රඩක දේවේන්ද්‍ර ඉදිරියේ සටහන් වී තිබිණි.

2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ලෝක වාර්තාවක් සමගින්  දිනේෂ් රන්  පදක්කම දිනයි

සිය සිව්වැනි උත්සාහයේදී මීටර් 62.06ක් දුරක් වාර්තා කිරීමට දිනේෂ් සමත්වීද ඔහුගේ පස්වැනි උත්සාහය නීති විරෝධී විසිකිරීමක් ලෙසින් සටහන් වූ අතර තමාගේ

හය වැනි අවස්ථාව ලබා ගැනීම මගහැර සිටීමට දිනේෂ් කටයුතු කළේය.

එම ඉසව්වේ රිදී පදක්කම දිනූ පසුගිය ලෝක වාර්තාවට හිමිකම් කියූ ඉන්දියාවේ දෙවේන්ද්‍ර ඊයේ දිනයේදී මීටර් 64.35ක් වාර්තා කිරීමට සමත්වූ අතර එහි ලෝකඩ පදක්කම දිනූ ඉන්දීය කී‍්‍රඩක සුන්දර් සිං මීටර් 64.01ක දුරක් වාර්තා කළේය.

මෙවර පැරාලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටුතු කළ දිනේෂ් පි‍්‍රයන්ත පැරාලිම්පික් පදක්කමක් දිනූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2016 වසරේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. මීට අමතරව ඔහු 2017 දී සහ 2019 වසරේදී ලෝක පැරා මලල කී‍්‍රඩා උළෙලේ රිදී පදක්කම් ලාභියෙකුද වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment