දකුණු අපි‍්‍රකාවට එරෙහි ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ.. චන්දිමාල්, පුලින සහ තීක්ෂණට අවස්ථාවක්

532

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව කි‍්‍රයාත්මක වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා සංචිතය නම්කර තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ නවක කී‍්‍රඩක පුලින තරංග මෙන්ම මහේෂ් තීක්ෂණද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සිට කණ්ඩායමෙන් ඉවත් කෙරුණු දිනේෂ් චන්දිමාල් නිමාවට පත්වූ ආරාධිත විස්සයි-20 තරගාවලියේදී වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්විය. එ් අනුව තේරීම් කමිටුවේ විශ්වාසය දිනා ගැනීමට සමත්වූ චන්දිමාල් එම තරග මාලාවේදී තරග 6 කට ක‍්‍රීඩා කරමින් අර්ධ ශතක 2 ක් ද සමඟ ලකුණු 183 ක් රැුස් කිරීමට සමත්විය.

මේ අතර එම ආරාධිත කි‍්‍රකට් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්වූ පන්දු යවන්නන් අතර ඉහළට පැමිණි පුලින එම තරගාවලියේදී ඉනිම 5 කදී කඩුලූ 7 ක් දවා ගනිමින් වැඩිම කඩුලූලාභී පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයට පත්විය.

මීට අමතරව තරගාවලියේ ඉනිම 4 කදී පන්දු යැවූ තීක්ෂණ කඩුලූ 4 ක් පමණක් දවා ගනු ලැබුවද ලකුණු ලබාගැනීමේදී ඔහුගේ පන්දු හමුවේ පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගනු දක්නට ලැබිණ. එ් අනුව දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහි ශී‍්‍ර ලංකා සංචිතයට ඔහුවද කැඳවීමට ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර පළමු එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 02 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වේ.

ශී‍්‍ර ලංකා සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිදු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලහිරු කුමාර, ලහිරු මධුෂංක, පුලින තරංග, මහීෂ් තීක්ෂණ, නුවන් ප‍්‍රදීප්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment