සත්කාරක දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාවට අද ප්‍රබල අභියෝගයක්

213

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව අද( 02 වැනිදා) පැවැත්වේ.

සුපිරි 6 වටය යටතේදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පසුගිය 30 වැනිදා පැවති තරගය පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අදියරේදී මුහුණ දෙන අවසාන තරගයද මෙය වේ. ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ඉහළ ලකුණු වේගයක් සමග අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතු වේ.

එසේම එළඹෙන ඔස්ට්‍රේලියා බටහිර ඉන්දිය කොදෙව්වන් අතර තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත යුතුය. තවද එංගලන්තය සහ සිම්බාබ්වේ අතර තරගයෙන් එංගලන්තයේ ජයග්‍රහණය ඉහළ ලකුණු වේගයක් සමග වාර්තා විය යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීම විශාල අභියෝගයක් වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 12 ක් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය, පකිස්තානය, නවසීලන්තය, නේපාලය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ එම කණ්ඩායම් වේ.

අවසන් පූර්ව තරග ලබන 06 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment